Latest News

අත් පා බැඳ කාන්තාවක් මහ මග දමා යයි

අම්පාර – දමන ප්‍රදේශයේ මාර්ගයක අත් පා ගැට ගසා කාන්තාවක් දමා යාමේ සිද්ධියක් සම්බන්ධව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය මස 27 වනදා සිය දියණිය පැහැරගෙන ගිය බවට ඇයගේ මව වෙන්නපුව – කඳානගෙදර පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබුණා.

ඊයේ අලුයම ඇය මෙසේ මාර්ගයේ දමා ගොස් තිබූ අතර මේ වනවිට එම කාන්තාව ප්‍රතිකාර සඳහා අම්පාර මුලික රෝහලට ඇතුළත් කර සිටිනවා.