Latest News

කින්නියා නගරයේ වෙළෙඳසැල් වැසෙයි

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට ශෝකය පළ කිරීම සඳහා අද (25) කින්නියා නගරයේ වෙළෙදසල් වසා දැමීමට සිවිල් සංවිධාන තීරණය කර තිබෙනවා.

එමෙන්ම කින්නියා ප්‍රදේශයේ බොහෝ පාසල් වල අධ්‍යාපන කටයුතු සිදුනොකළ බවත් බොහෝ දරුවන් පාසල් ගොස් නොතිබූ බවත් වාර්තා විය.

මේ අතර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අනතුරින් තුවාල ලැබු දරුවන්ගේ සුවදුක් බැලීමට රෝහල වෙත ගොස් තිබුණා.

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරේදා පෙරළී යාමෙන් සිදු වූ මෙම අනතුරෙන් ළමයින් 4 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇතුළු 03 දෙනා ලබන මස 08 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාලම්පාරුව අනතුරට ලක් වීමෙන් පසු එහි අයිතිකරු සහ පැදිකරු පළා ගොස් තිබුණා.

පසුව ඔවුන් ඊයේ ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊට අමතරව, පාලම් පාරුවේ ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් අය කළ පුද්ගලයා ද කින්නියා පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සැකකරුවන් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 8 වන දින දක්වා රක්ෂිත බනධනාගාර ගත කළ යුතු බවට නියෝග කර තිබෙනවා.