Latest News

ළමා රෝහලේ ඉන්සියුලින් හිඟයක් – පරිත්‍යාගශීලීන්ට රෝහලෙන් ඇරයුම්

රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් සඳහා විශේෂිත ඉන්සියුලින් දැඩි හිඟයක් පවතින බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.

පරිත්‍යාගශීලීන් හට අදාළ ඉන්සියුලින් වර්ගය ලබාදිය හැකි නම් වඩාත් වටින බවත් රෝහල සමඟ සම්බන්ධ වී විශේෂ ඉන්සියුලින් වර්ගය ලබාදිය හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළා.

මේ අතර විශේෂ ඉන්සියුලින් වර්ගය ලබාගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල හරහා එකතු වූ පිරිසක් පරිත්‍යාගශීලින්ගෙන් මුදල් එකතු කරන අතර ඔවුන්ගෙන් ලැබුණ මුදල්වලින් රුපියල් ලක්‍ෂ 11 ක් වටිනා ඉන්සියුලින් තොගයක් රිජ්වේ ආර්යා ළමා රෝහලට හෙට (12) ලබාදීමට ද නියමිතයි.