Latest News

“ප්‍රඥාවේ දරුවා” ලෙස ඉන්දියාවෙන් සම්මාන දිනූ පුංචි සෙල්වන්

ඉන්දියාවේ තිරුවල්ලුවර් පදනම විසින් යාපනයේ දරුවෙකුට “ප්‍රඥාවේ දරුවා” නැමති විශේෂ සම්මානය පිරිනමා තිබෙනවා.

මෙලෙස විශේෂ සම්මානය ලබා ඇත්තේ, සෙල්වන් සුදර්ශන් අරුණ නැමති වයස අවුරුදු පහක දරුවෙක්.

මෙම දරුවා යාපනයේ කෝවිල් වල පූජාවන් තබන අවස්ථා වලදී තිරුවල්ලූවර් ගර්ජනාව පැහැදිලි කරමින් හින්දු දේශන පැවත්වීම නිසා එම දරුවාට විශේෂ සම්මානය හිමි වී තිබෙනවා.