Latest News

සති 03ක් වත් රට වහන්න – රජයේ පාර්ශව විසින් ඉල්ලයි

අවම වශයෙන් සති 03ක කාලයක් රට අඟුළු දමන ලෙස ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන කරුණු 7 සමන්විත යෝජනාවලියක් ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති අතර අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ 10ක මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර ඇත.