Latest News

“මා බාල කාලේ අම්මාගෙ උකුලේ” ගීතයේ පද රචක මාලිනි විජිතා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

සුවිශේෂී ගේයපද රචක මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 89 වන වියේ පසුවූ වුණා.

සී.ටී. ප්‍රනාන්දු ශූරීන්ගේ හඬින් ගීතවත් වූ “මා බාල කාලේ අම්මාගෙ උකුලේ” ගීතයත් ප්‍රදීපා ධර්මදාස ශිල්පිනියගේ මියුරු හඬින් ගැයුනු “රම්බොඩගල්ලේ බුදුරුව” වන්දනා ගීතයත් ඇයගේ පද රචනා අතර විශිෂ්ඨ නිර්මාණ වනවා.

1991දී “පේ අයියා” යොවුන් නවකථාව සඳහා ඇය විජේවර්ධන සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

මාලිනි විජයවීරයන්ගේ අවසන් කටයුතු හෙට (02) සවස 5.00ට ගල්කිස්ස ආදාහනාගාරයේදී සිදුකෙරෙනවා.