Latest News

ඇමෙරිකාවටත් ගිය මැණිකේ මගේ හිතේ ගීතය

නව පරපුරේ ගායිකාවක වන යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය මේ දිනවල ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය වෙමින් පවතිනවා.

එම ගීතය සඳහා බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා වගේම ගීතය ගායනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පල කරන අවස්ථාත් දකින්නට ලැබෙනවා.

ලෝකයේ වැඩිපුරම ඇසූ ගීත අතරට ඒ ගීතයත් එකතුව ඇති අතර 12 හැවිරිදි වයලින් වාදන ශිල්පිනියක් වූ Karolina Protsenko මෙම ගීතය වයලීනයෙන් වාදනය කරනවා.

මෙම වාදනයට හොඳ ප්‍රතිචාර හිමිව තිබෙන අතර විදෙස් මාධ්‍ය පවා ඒ ගැන සඳහන් කර තිබෙනවා.

ඇය ඇමරිකාවේ වීදී වයලීන වාදන ශිල්පිනියක් හැටියට ජනප්‍රිය අතර ඇමරිකාවේ ජිවත් වෙන යුක්රේන ජාතිකයෙක්.

හොඳ ප්‍රතිචාර හිමිව තිබෙන අතර විදෙස් මාධ්‍ය පවා ඒ ගැන සඳහන් කර තිබෙනවා.

ඇය ඇමරිකාවේ වීදී වයලීන වාදන ශිල්පිනියක් හැටියට ජනප්‍රිය අතර ඇමරිකාවේ ජිවත් වෙන යුක්රේන ජාතිකයෙක්.