Latest News

බිරින්දෑවරු වැඩි නම් පිරිමින්ට Heart Attack නොමිලේ

බහු විවාහය හදවතට හානි ගෙන දෙන බවට විද්‍යාත්මක අනාවරණයක් සිදු කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය බහු විවාහ සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයකින් සොයා ගෙන ඇත.

භාර්යාවන් කිහිප දෙනෙකු තබාගෙන සිටීම සහ හෘදයාබාධ අතර සම්බන්ධතාවක් ඇත්දැයි පර්යේෂණයක් සවුදි අරාබියාවේ ෆයිසල් රාජකීය රෝහල මගින් සිදු කර තිබෙනවා.

මෙම පර්යේෂණය සඳහා විවාහක පුරුෂයින් 687ක් යොදාගෙන තිබෙන අතර ඔවුන්ගෙන් ලබා ගත් දත්ත පරීක්ෂා කර බැලීමේ දී මෙම අනාවරණය සිදුව ඇති බව ජාත්‍යන්තර විද්‍යා ජර්නලයක් වන Biologyහි දක්වා තිබුණා.

භාර්යාවන් එක් අයෙකුට වැඩියෙන් සිටීම සැමියාගේ හදවතට කෙලෙස බලපාන්නේ ද යන්න පිළිබඳව මෙහි දී විද්‍යාත්මකව විමසා බලා තිබෙන අතර එම රෝහලෙහි වෛද්‍ය අමීන් ඩෞලබ් මහතා විසින් මෙම පර්යේෂණය මෙහෙයවා ඇත.

ඒ අනුව එක් බිරිඳක් සිටින පිරිමියෙකුට සාපේක්ෂව බලන විට එක් බිරිඳකට වඩා වැඩියෙන් සිටින පිරිමින් හට හදවත් රෝග වැළඳීමේ අවදානම දෙගුණයකින් හෝ ඊට වඩා වැඩි අගයකින් ඉහළ යන බව අදාළ පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.