Latest News

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2 දිනටත් උපවාසයේ

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් දිවයින පුරා ආරම්භ කළ වර්ජනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අසල ආරම්භ කළ මාරාන්තික උපවාසය අද 2 වන දිනටත් ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් මෙම ගැටලුවට මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බව එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පවසනවා.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ඊයේ (31) මෙම මාරාන්තික උපවාසය ආරම්භ කලේ, විශේෂ ශ්‍රේණියේ උසස්වීම් අනීතික ලෙස අත්හිටුවීමට විරෝධය පළ කරමින්.