Latest News

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් මාරාන්තික උපවාසයක

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙන් ටවුන්හෝල් අවට විශාල රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.

මේ වන විට එම ස්ථානයේ උපවාසයක් ආරම්භකර ඇති අතර, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් විශාල පිරිසක් එහි රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

විශේෂ ශ්‍රේණියේ උසස්වීම් අනීතික ලෙස අත්හිටුවීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම මාරාන්තික උපවාසය පවත්වනවා.