Latest News

පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ මාරාන්තික උපවාසයක්

හෙට (30) සිට දිවයින පුරා අඛණ්ඩ වර්ජනයක් සහ මාරාන්තික උපවාසයක් ක්‍රියාත්මක කිරීමට රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් තීරණය කර තිබෙනවා.

ඔවුන් එම ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ,සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වසර 30ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශේෂ ශ්‍රේණිය සඳහා උසස් කිරීම අත්හිටුවීම හේතුවෙනුයි.