Latest News

අක්මීමණ දී තිදරු මවක් ඝාතනය කෙරෙයි

තිදරු මවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති පුවතක් අක්මීමණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, අක්මීමණ නියාගම ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි වැන්දඹු කාන්තාවක්.

අදාළ කාන්තාව වසර ගණනාවක සිට ඇසුර කළ පුද්ගලයකු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

සැමියාගේ මිය යාමෙන් පසු වසර 15ක පමණ කාලයක සිට මෙම කාන්තාව අදාළ සැකකරු සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව ද පොලිසිය පවසනවා.

සැකකරුගේ පාවහන් යුගළය හා විදුලි පන්දම ද එම ස්ථානයේ තිබි පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විසින් පරික්ෂණ ආරම්භකර ඇති අතර අක්මීමණ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.