Latest News

මානසික ආබාධයෙන් පෙළුණු පුතු අතින් පියා මරුට

මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන පුතා විසින් තම පියාට යකඩ කූරකින් පහරදී ඝාතනය කළ සිද්ධියක් ඊයේ (14) රිදීගම, පනාගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙහිදී පොලීසිය සඳහන් කළේ,දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, 62 හැවිරිදි ගෝපාල, පනාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයාගේ 32 හැවිරිදි පුතා ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රිදීගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.