Latest News

සපුගස්කන්ද කාන්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ කසල ගොඩකට කාන්තා මළ සිරුරක් ගෙන දැමූ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වු කාන්තාව පැළඳ සිටි රන් ආභරණ , මුදල් , ඝාතනයට යොදා ගත් යකඩ මෝල් ගහ හා මළ සිරුර රැගෙන ගිය ත්‍රිරෝද රථය ද සොයාගත් බව සපුගස්කන්ද පොලිසිය පවසනවා.

අදාළ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළගෙන් ලබා ගත් ප්‍රකාශ මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක් වු කාන්තාව පැළඳ සිටි රන් මාලයක් , රන් කරාබු ජෝඩුවක් හා රන් මුද්දක් සැකකාරිය විසින් කොළඹ , හෙට්ටිවිදීයේ රන් ආභරණ සාප්පුවකට රුපියල් එක් ලක්ෂ හැටනව දහසකට විකුණා තිබෙන අතර ඒවා ඔවුන් විසින් උණු කර තිබියදී සොයා ගත් බවත් පොලිසිය සඳහන් කළා.

මේ අතර ඝාතනයට ලක්වූ කාන්තාව පැළඳ සිටි තවත් රන් වළල්ලක් හා මුද්දක් අදාළ සැකකාරිය විසින් මට්ටක්කුලිය , සමිට්පුර ප්‍රදේශයේ කාන්තාවකට දී තිබී සොයා ගෙන තිබෙනවා.