Latest News

රන් ආභරණ සොරකමේ ඇවිත් කාන්තාවක් ඝාතනය කරයි

නාදුනන පුද්ගලයෙකු විසින් නිවසේ තනිව සිටි කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කෙරූ පුවතක් තලවකැලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, වටගොඩ උතුරුමැද කුඹුර වතුයායේ එන්. සී. කොටසේ පදිංචි 84 හැවිරිදි අම්මාසි මුකායි නමැති තිදරු මවක්.

අදාළ කාන්තාව නිවසේ නිදා සිටියදී නිවසට ඇතුල් වූ කිසියම් අයකු විසින් ඇය ඝාතනය කර පැළඳ සිටි රන් කරාබු යුගළ රැගෙන ගොස් තිබෙනවා.

ඝාතනය සිදුකළ පුද්ගලයා එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

කෙසේවෙතත් මියගිය කාන්තාවගේ දරුවන් එම අවස්ථාවේ නිවසේ සිට නොමැති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.