Latest News

නීලා වික්‍රමසිංහට රාජ්‍ය තාන්ත්‍රික තනතුරක්

ඉතාලියේ මිලානෝහි නව කොන්සල් ජෙනරල්වරිය ලෙස මෙරට ප්‍රවීණ ගායිකාවක වන විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබෙනවා.

ඇය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල හඬනැගීමක් කළ ශිල්පිනියකි.

වර්ෂ 1950 උපත ලද ඇයට මේ වන විට අවුරුදු 71ක්.

ජනප්‍රිය ගීත රැසක් ගයනා කර ඇති ඇය ”රන් ටිකිරි සිනා, මාස්ටර් සර්” වැනි ගීත හරහා තව තවත් ජනප්‍රියත්වයට පත්විය.