Latest News

දරුවන් වෙනුවෙන් කැපවුන රාත්‍රී පාසලේ ගුරු මඩුල්ල

සිය රාජකාරි කාලය තුළ වගේම සේවා කාලයෙන් බැහැරව රාත්‍රියෙත් දරුවන් වෙනුවෙන් කැප වන ආදර්ශමත් ගුරු මඩුල්ලක් සම්බන්ධ පුවතක් මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය අධ්‍යාපන කලාපයේ පිහිටි පට්ටිගල පර්සි අබේවර්ධන විද්‍යාලයෙන් වාර්තා වනවා.

අනෙකුත් පාසල්වලට වඩා මෙම පාසලේ විශේෂත්වය වන්නේ, ගුරුවරුන් රාත්‍රී කාලයේත් අමතර පංති පැවැත්වීමයි.

දිවා කාලයේ පාසල් ගොස් නැවත නිවෙස් බලා පිටත්ව යන දරුවන් පස්වරු 6ට යළි පාසල් වෙත පැමිණ අතිරේක පංති සඳහා සහභාගි වනවා.

පට්ටිගල පර්සි අබේවර්ධන විද්‍යාලයේ මෙන්ම අවට ප්‍රදේශවල සිටින වෙනත් පාසල්වල සිසු සිසුවියන්ද රාත්‍රි පංති සඳහා සහභාගි වන අතර වෙනත් පාසල්වල ගුරු භවතුන්ට ස්ව කැමැත්තනේම මෙහිදී ඉගැන්වීම් සඳහා එක්වීම විශේෂත්වයක්.

මෙම උතුම් ක්‍රියාවට මව්පියන් සිය ප්‍රශංසාව පළකර ඇති අතර ඔවුන් විසින් රාත්‍රියේ පංති සඳහා සහභාගීවන දරුවන්ට කෑමවේලක් ලබාදීම ද සිදුකර තිබෙනවා.