Latest News

මහාචාර්ය නීලිකාට WHO හි නව තනතුරක්

COVID -19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය(C –TAP) පිළිබද WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත්කර තිබෙනවා.

ඒ අනුව එම පත් කිරීම වසර දෙකක කාලයක් සඳහා වලංගු වනු ඇත.

කොරෝනා වෛරසය සම්බන්ධ පර්යේෂණ සිදු කරන විශේෂඥයන් 10 දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විත වනවා.

ඇමරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවකට අනුව ලොව ප්‍රමුඛතම පර්යේෂණ විද්‍යාඳයින් 2% අතර ශ්‍රී ලංකිකයන් 24 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

ඒ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ, මහාචාර්ය මෙත්තිකා විතානගේ සහ ආචාර්ය අනුශ්කා යූ රාජපක්ෂ ඇතුළත්.

එමෙන්ම මහාචාර්ය චන්න ජයසුමන මෙන්ම පේරාදෙණිය, වයඹ, කොළඹ, කැළණිය සහ යාපනය විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් පිරිසක්ද ඇතුලත් වේ.