Latest News

පස්කන්දකට බිලි වූ තරුණ හෙදිය

අලව්ව පොලිස් වසමේ, නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මව, දියණිය සහ පුතා නිවස තුළ සිට ඇති අතර, තුවාල ලැබු දියණිය නාරම්මල රෝහලට ඇතුළත් කර කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි සඳුනු ජයසුරිය නම් තරුණියක්.

ඇය කොළොඹ පෞද්ගලික රෝහලක හෙදියක් වශයෙන් සේවය කළ තරුණියක් වන අතර අලව්ව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.