Latest News

ඉන්ධන පිරවුම් හලකදී පුද්ගලයෙකුට පහර දෙයි

මාවනැල්ල ඉන්ධන පිරවුම් හලේදී ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මෙහිදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බලපත්‍ර ඇතැයි පවසමින් පැමිණි වාහනයකට ඉන්ධන ලබා දීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.