Latest News

පශ්චාත් උපාධිය ලබාගත් වයස්ගතම ශිෂ්‍යාව

කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබාගත් වයස්ගතම ශිෂ්‍යා බවට පත්වීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබෙනවා.

වරදා ෂන්මුගනාදන් නමැති 87 හැවිරිදි වියේ පසුවන ඇය දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් වන පශ්චාත් උපාධිය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබාගත් ඇය පසුව මෙරට ඉංග්‍රීසි සහ ඉතිහාසය යන විෂයන් ඉගැන්වීමේ ගුරුවරියක් ලෙස සේවය කර ඇති බව වාර්තා වේ.

අනතුරුව ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරියක් ලෙස 1990 වසරේදී එංගලන්තයේ ලන්ඩන් වෙත ගොස් ඇති අතර එහිදී ඇය ව්‍යවහාරික වාග් විද්‍යාව පිළිබඳ පළමු පශ්චාත් උපාධි ලබාගෙන ඇත.

යාපනයේ වේලනයි ප්‍රදේශයේ උපත ලැබූ ඇය 2004 වර්ෂයේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් නොමිලයේ පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වෙන බවට දැනගැනීමෙන් අනතුරුව ඇය එම අධ්‍යයන කටයුතු සඳහා යොමුව තිබෙනවා.

වරදා ෂන්මුගනාදන් විසින් ලබාගත් දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියේ දී ඇය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳව සිය අධ්‍යයනයන් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.