Latest News

සතිපොළේ දමා ගිය මහළු මව

නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත නුවරඑලිය පොලීසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වයස අවුරුදු 75ක් පමණ මහළු මවක් මෙලෙස ගෙනත් දමා අතරමං කර ඇති බව නුවරඑළිය පොලීසිය පවසනවා.

එම මවගේ භාරකරුවන් පිලිබදව කිසිවක් නොකියන එම මව නුවරඑලිය මාගස්තොට ප්‍රදේශයේ සිටි බවත්, තවත් විටක නුවරඑලිය ලබුකැලේ පදිංචිව සිටි බවට පොලිසිය වෙත පවසා ඇත.

සිය අනන්‍යතාවය තහවුරු නොකරන එම මව පිලිබදව නුවරඑලිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.