Latest News

ජනප්‍රිය නිළි ඔලිවියා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය නිළියක් සහ ගායිකාවක් වන ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය ඊයේ දිනයේ අමෙරිකාවේ කැලිෆෝනියාවේදී අභාවප්‍රාප්ත වුණා.

1948 වර්ෂයේ කේම්බ්‍රිජ්හිදී උපත ලද ඇය මිය යන විට 73 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔලිවියා නිව්ටන් ජෝන් විසින් රංගනයෙන් දායකත්වය ලබා දුන් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළු ග්‍රේස් චිත්‍රපටය බොහෝ ජනප්‍රියත්වයට පත්වුණා.

එහිදී ඇය සැන්ඩි නැමති පාසල් ශිෂ්‍යාවගේ චරිතයට රංගනයෙන් දායකත්වය ලබා දී තිබුණා.