Latest News

ඔලිවර් සම්මාන උළෙලේදී හොඳම නළුවා වූ හිරාන් ලංකාව ගැන ප්‍රසිද්ධියේ කියූ දේ

වේදිකා නිර්මාණය සඳහා වන 2022 ඔලිවර් සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ හිරාන් අබේසේකර සමත්ව තිබෙනවා.

හිරාන් අබේසේකර විසින් මෙම සම්මානය දිනා ගනු ලැබුවේ ‘Life of pi’ වේදිකා නිර්මාණය වෙනුවෙන්.

මෙම සම්මාන උළෙල ලන්ඩන් නුවර ජාත්‍යන්තර ඔපෙරා රඟහලේදී පැවැත් වුණා.

,”ශ්‍රී ලංකාව අමාරු අවස්ථාවක සිටියත් “මචංලා මම උඹලට ආදරෙයි, ජයවේවා! ” යනුවෙන් ඔහු සිය ස්තුති කතාව අවසානයේ කියා සිටියා.