Latest News

හුස්ම රැගෙන ආ ශක්ති

කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකාව කොළඹ වරායට අද (23) උදෑසන පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ සිට පැමිණි මෙම නෞකාවෙන් සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළා.

මේ අතර සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ද ඊයේ (22) කොළඹ වරාය වෙත පැමිණ තිබුණා.