Latest News

විදෙස් ගණකාධිකාරීවරුන් පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

පාකිස්තානය තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව නිෂ්පාදන කටයුතු සිදු කරන ආයතනවල විගණන කටයුතු සඳහා විදෙස් ගණකාධිකාරීවරුන් පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ පාකිස්තානයේ සියල්කෝට්හිදී අන්තවාදීන් විසින් අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය කිරීමත් සමඟයි.

එරට පිහිටි ඇතැම් ආයතනවල විගණන කටයුතු සඳහා පැමිණ ඇත්තේ, ශ්‍රී ලාංකික විගණන ආයතන බැවින් මෙම සිද්ධියෙන් පසු එම ආයතන පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ප්‍රියන්ත කුමාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (08) ගනේමුල්ල – පොල්හේන පොදු සුසාන භූමියේදී කෙරුණා.