Latest News

කුමුදුට අහිමිවූ 100m අවසන් තරගය

පැරාලිම්පික් උළෙලේ එක් අතක් අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩිකාවන් සහභාගි වූ (T47) මීටර 100 ඉසව්වේ පලමු මූලික තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ කුමුදු ප්‍රියංකාට අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා.

ඒ අනුව ඇයට එම ඉසව්වේ හිමිවූයේ 8 වැනි ස්ථානයයි.

කෙසේවෙතත් කුමුදු ප්‍රියංකා පැරාලිම්පික් උලෙළේ කාන්තා දුර පැනීමේ ඉසව්ව සඳහා ඉදිරියේදී සහභාගී වීමට නියමිතයි.