Latest News

පැරා ඔලිම්පික් උළෙලෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට හිමිවෙයි

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමිත දුලාන් කොඩිතුවක්කු අද (30) සමත්ව තිබෙනවා.

ඒ පිරිමි හෙල්ල විසිකිරීමේ (F 64) ඉසව්ව නියෝජනය කරමින් වන අතර ඔහු දැක්වූ දක්ෂතාව මීටර 65.61ක්.

මේ වනවිට පැරාලිම්පික් උළෙලේදී පදක්කම් 2ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට සමත්වී ඇත.

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී නව ලෝක වාර්තාවක් ද තබමින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් අද පෙරවරුවේ සමත්වී තිබුණා.