Latest News

කංසා යෝජනාවට පාර්ලිමේන්තුවේ සහය

කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07)සම්මත වුණා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රිනී ඩයනා ගමගේ යෝජනාව ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යෝජනාව ස්ථිර කළා.

මේ වන විට ලොව බොහෝ රටවල් කංසා බෝගයක් ලෙස වගා කර ආදායමක් ලබමින් සිටින බව ඩයනා ගමගේ මහත්මිය සඳහන් කර තිබුණා.

මෙහිදී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.