Latest News

ආණ්ඩු පක්ෂයේ 42ක් ස්වාධීන වෙයි

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 42 දෙනෙකු මේ වන විට ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙක් ස්වාධීන වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්

මෛත්‍රීපාල සිරිසේන
නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද අමරවීර
දයාසිරි ජයසේකර
දුමින්ද දිසානායක
ලසන්ත අලගියවන්න
රංජිත් සියඹලාපිටිය
ජගත් පුෂ්පකුමාර
ෂාන් විජයලාල් ද සිල්වා
ශාන්ත බණ්ඩාර
දුෂ්මන්ත මිත්‍රපාල
සුරේන් රාඝවන්
අන්ගජන් රාමනාදන්
සම්පත් දසනායක

ආණ්ඩු පක්ෂයේ පක්ෂ 10ක් නියෝජනය කරමින් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්

විමල් වීරවංශ
උදය ප්‍රභාත් ගම්මන්පිල
වාසුදේව නානායක්කාර
තිස්ස විතාරණ
ටිරාන් අලස්
පුජ්‍ය අතුරලියේ රතන හිමි
ගෙවිඳු කුමාරතුංග
විරසුමන වීරසිංහ
අසංක නවරත්න
මොහොමඩ් මුසම්මිල්
නිමල් පියතිස්ස
ගාමිණී වෙලේබොඩ
ඒ.එල්.එම් අතාවුල්ලා
ගයාෂාන් නවනන්ද
ජයන්ත සමරවීර
උද්දික ප්‍රේමරත්න

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්

අනුර ප්‍රියදර්ශන යාපා
ජෝන් සෙනෙවිරත්න
සුසිල් ප්‍රේමජයන්ත
චන්දිම වීරක්කොඩි
නලීන් ප්‍රනාන්දු
නිමල් ලාන්සා
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
පියංකර ජයරත්න
ජයරත්න හේරත්

මේ අතර අකිල ඉලංගෙයි මහජන පක්ෂයේ එස්.එම්.එම්. මුෂාරෆ් මන්ත්‍රීවරයා හා ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් කටයුතු කරනවා.