Latest News

75 වන නිදහස සමරන්න පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් දිවයිනට

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කෝට්ලන්ඩ් දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි ඇය 75 වැනි නිදහස් දින උළෙලට ද සහභාගි වීමට නියමිත බව වාර්තා වනවා.

පැට්‍රීෂියා ස්කෝට්ලන්ඩ් මහත්මිය පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.