Latest News

දරු ප්‍රසූතියෙන් පසු, කොවිඩ් ආසාදිත මව අවසන් ගමන් යයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ දී දරු ප්‍රසූතියක් සිදු කළ මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යාපනය – අලවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.

දරු ප්‍රසූතිය ආසන්නයේ දී ඇයට කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදු කළ පරීක්ෂාවක දී කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.

ඒ අනුව දරු ප්‍රසූතියෙන් පසුව ඇයට රෝග තත්ත්වය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කෙසේ වෙතත් ඇය විසින් බිහිකළ දරුවාට කොරෝනා ආසාදනය වී ඇති ද යන්න පිළිබඳව තොරතුරු වාර්තා වී නැහැ.