Latest News

ගර්භණී මව්වරුන්ටත් කොවිඩ් බූස්ටර් එන්නත

කොවිඩ් 19 මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු , ගර්භණී කාන්තාවකට බූස්ටර් එන්නත ලබාගැනිම සුදුසු බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා.

මාස 6කට පසු එන්නතේ ප්‍රතිශක්තිය අඩුවන බැවින් ගර්භණී මවකට වෛරසය වැලඳුනහොත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදුවන බැවින් එය බිළිඳාට ද බලපා හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා,

“ඉතාම සුළු කොටසක් මව්වරුන් ඉන්නවා පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව අරගෙන ගර්භණී කාලය මාස 6ය ඉක්මවු මව්වරුන් ඉන්නවා. එවැනි මව්වරුන්ට දෙවැනි මාත්‍රාවේ ඉඳලා මාස 6කට පසුව ප්‍රතිශක්තිය අඩුවෙන්න පටන් ගන්නවා එන්නතේ. එතනින් පසුව මේ මව්වරුන්ට කොවිඩ්-19 රෝගය වැලඳුනොත් ඒ අයට දැඩිසත්කාර ඒකකයේ ඉන්න වෙන අවස්ථාව වැඩි වෙනවා. කොවිඩ් නියුමොනියාවට යන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. නොමේරු දරු උපත් සිදුවෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. මළ දරු උපත් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා ඒ සියලුම අවධානම් තත්ත්වයෙන් මඟ හැරෙන්නට තමයි මේ දෙවන එන්නත අරගෙන මාස 6කට පසු වෙන්න ඉන්න මව්වරු ඉන්නවා නම් මේ බූස්ටර් එන්නතක් ලබා ගන්න සුදුසු වෙන්නේ.”