Latest News

ගැබිණි මව්වරුන්ට දුන් පෝෂණ මල්ලේ ගුල්ලෝ

ගැබිණි මව්වරුන්ට ලබා දුන් පෝෂණ මල්ලේ සහල් වල ගුල්ලන් ,පණු විශේෂයක් හා කුඩා කුරුමිණි විශේෂයක් දක්නට හැකි වූ ගැබිණි මව්වරුන් පිරිසක් මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට අද (29) පැමිණිලි කර තිබෙනවා.

බව මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයෙන් වාර්තා වනවා.

අදාළ පෝෂණ මල්ලට අඩංගු කොට ඇති සහල් මන්නාරම සමුපකාර සමිති ගබඩාවක කාලයක් ගබඩා කොට තිබු මිනිස් පාරිභෝජනයට නුසුදුසු සහල් බවයි ඔවුන් පවසන්නේ.

මන්නාරම ප්‍රදේශයේ පැවැත්වූ උත්තම පූජා වැඩසටහන යටතේ මාර්තු මාසය සඳහා මෙම පෝෂණ මළු බෙදා හැර තිබෙනවා.

ගැබිණි මව්වරුන්ට ලබා දෙන මෙම පෝෂණ මල්ලේ වටිනාකම රුපියල් 2000 ක්.