Latest News

ගැබිණි මව්වරු යළි රාජ්‍ය සේවයට කැඳවයි

ගැබිණි මව්වරුන් නැවතත් රාජ්‍ය සේවය සඳහා කැඳවීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, යම් සීමාවන්ට යටත්ව ඔවුන් සේවයට කැඳවන බවයි.

අදාළ කැඳවීම් ඒ ඒ ආයතන අවශ්‍යතා මත සිදුකළ යුතු අතර ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදි මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කර එම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කළා.