Latest News

රේඩ් ඇමසෝන් තරඟාවලිය සඳහා ප්‍රංශ පළමු කණ්ඩායම දිවයිනට

රේඩ් ඇමසෝන් ක්‍රීඩා තරඟාවලියට සහභාගිවීම සඳහා ප්‍රංශ තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ පළමු පිරිස අද (20) දිවයිනට පැමිණියා.

මොවුන් අලුයම 5.15ට පැරිස්නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 564 දරණ යානයෙන් දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස පිළිගැනීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් පිරිසක් ද එක්ව ඇති බව සඳහන්.

රේඩ් ඇමසෝන් යනු ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩා තරඟ මාලාවක්.

ලෝකයේ කාන්තාවන් පමණක් සහභාගිවන ත්‍රාජසනක සහ අභියෝගාත්මක මෙම තරඟාවලිය අද (20) සිට ලබන 28 වනදා දක්වා මහනුවර කේන්ද්‍ර කරගනිමින් අදියර කිහිපයක් යටතේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරඟාවලිය සඳහා දිවීම, ඔරු පැදීම, බයිසිකල් පැදීම, රළු මාවත් හරහා පයින් යාම වැනි ක්‍රීඩා ඇතුළත් වනවා.