Latest News

රඹුක්කන නායයෑමකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

අධික වර්ෂාවත් සමඟ රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් නිවසක් සම්පූර්ණයෙන් යටවී එහි සිටි තිදෙනෙකු මිය ගොස්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ නිවසේ සිටි මව සහ 08 හැවිරිදි දියණිය,13 හැවිරිදි ඥාති දියණියක්.

රඹුක්කන රෝහලේ අධ්‍යක්ෂ සුමින්ද ගමගේ මහතා සඳහන් කළේ,නිවසේ සිටි අනෙක් පුද්ගලයා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කෑගල්ල රෝහල වෙත මාරුකර යැවූ බවයි.

මේ වන විට එම ප්‍රදේශයට යුද හමුදා නිළධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.