Latest News

ලොව උසින් වැඩිම කාන්තාවට වැඩි ආයුෂ නැහැ

ලොව උසින් වැඩිම කාන්තාව ලෙස ගිනස් වාර්තා අතරට යෑමට තුර්කි ජාතික කාන්තාවක වන රෑමේසා ගෙල්ගි සමත්ව තිබෙනවා.

24 හැවිරිදි වියෙහි පසුවන ඇයගේ උස අඩි 7 යි අගල් 0.7 ක් වනවා.

රෑමේසා ගෙල්ගිගේ උස මෙලෙස අසාමාන්‍ය ලෙස වැඩි වී ඇත්තේ රෝගී තත්ත්වයක් හේතුවෙන් වන අතර එය හැදින්වෙන්නේ ‘වීවර් සින්ඩ්‍රෝමය’ ලෙසයි.

රෑමේසා ගෙල්ගිගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බව ඇගේ වෛද්‍යවරු පවසනවා.

‘මට ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ. වෛද්‍යවරුන් ඒ බව මට පවසා තිබෙනවා. ඒ ගැන දුකක් නැහැ. ගිනස් වාර්තා අතරට යෑමට හැකිවීම ගැන සතුටුයි’ යැයි ගෙල්ගි පවසා තිබෙනවා.

2014 වර්ෂයේ දී ලොව උසින් වැඩිම ‘ගැටවරිය’ ලෙස ගෙල්ගි ගිනස් වාර්තාවක් පිහිටුවූ අතර එවිට අයගේ වයස අවුරුදු 18 ක්.

රෝගී තත්ත්වය උත්සන්න වෙද්දී, ගෙල්ගිට වැඩි වේලාවක් සිටගෙන සිටීමට හෝ ඇවිදීමට හෝ හැකියාවක් ලැබෙන්නේ නැත. ඇය ගමන් බිමන්වල යෙදෙන්නේ රෝද පුටුවක ආධාරයෙන්.