ඉවුම් පිහුම්

පිපිඤ්ඤා පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය –
මහත පෙති කපාගත් පිපිඤ්ඤා ගෙඩි 3 ක්
කැට ලුණු
විනාකිරි කෝප්ප 1 ක්
සීනි කෝප්ප 2 ක්
වතුර කෝප්ප 3 ක්
කපාගත් අමුමිරිස් කරල් කීපයක්
සුදුළූණු බික් 3-4 ක්
ගම්මිරිස් ඇට ටිකක්
එනසාල් ඇට 3 ක්

සාදාගන්නා ආකාරය –

මැටි භාජනයකට වතුර, සීනි, විනාකිරි දාලා උතුරව ගන්න. ඉතිරුවාම ලිපෙන් බාගන්න.

පිපිඤ්ඤා වලට ලුණු කැට දාලා විනාඩි 10ක් වගේ තියලා කලවම් කරගන්න.

බෝතලයකට සුදු ළූණු, මිරිස් දාලා එනසාල් සහ ගම්මිරිස් ඇට ටිකක් දාගන්න.

පිපිඤ්ඤා ටිකත් බෝතලයට දාලා උඩින් ආයෙම ගම්මිරිස් ඇට දාලා විනාකිරි මිශ්‍රණය දාලා බෝතලය වහන්න. දවස් 2කින් කෑමට ගන්න.