ඉවුම් පිහුම්

කැරට් පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය :-

කපාගත් කැරට් කෝප්ප 1 ක්
තෙල් මේස හැඳි 1 ක්
තලාගත් ඉඟුරු තේ හැඳි 2 ක්
අබ ස්වල්පයක්
වියලි මිරිස් කරල් 2 ක්
කරපිංචා
මිරිස්කුඩු තේ හැඳි 2 ක්
කහකුඩු තේ හැඳි 1/2 ක්
අබ කුඩු තේ හැඳි 1/2 ක්
ලුණු
විනාකිරි මේස හැඳි 2 ක්
දෙහි ඉස්ම ටිකක්

සාදාගන්නා ආකාරය :-

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු ටික දාගන්න. ඊලඟට කැරට් ටික දාලා විනාඩියක් විතර බැදගෙන ලිපෙන් බාගන්න.

වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ ටික දාලා පුපුරනකොට කෑලි කඩාගත් වියළි මිරිස් කරල්,
කරපිංචා, මිරිස්කුඩු, කහකුඩු, අබ කුඩු සහ රස අනුව ලුණු එකතු කරගන්න.

හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න. ඒකට විනාකිරි හා දෙහි යුෂ එකතු කරගන්න. කලින් ෆ්‍රයි කරගත් කැරට් සහ ඉඟුරු ටික එකතු කරලා කලවම් කරගන්න. නිවුනම බෝතල් කර දවස් දෙකකින් කෑමට ගන්න.