ඉවුම් පිහුම්

රාබු පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය :-

ලියාගත් රාබු 250g ක්
අමුමිරිස් කරල් 4-5 ක්
විනාකිරි කෝප්ප 1 ක්
අඹරාගත් ඉඟුරු, සුදු ළූණු
අඹරාගත් අබ ස්වල්පයක්
රතු ළූණු ගෙඩි 8-10 ක්
එනසාල් ඇට 2 ක්
වතුර කෝප්ප 1 ක්
ලුණු තේ හැඳි 1 ක්
සුදු සීනි කෝප්ප 1 ක්

සාදා ගන්නා ආකාරය :-

මැටි භාජනයකට වතුර දාලා විනාකිරි, සීනි ටික දාගන්න. හොඳට කලවම් කරලා ලුණු ටික දාගන්න.

දැන් මේ භාජනේ ලිපේ තියල මද ගින්දරේ රත් කරගන්න. සීනි ටික දියවෙනකල් රත් කරගන්න.

හොඳට උතුරනකොට අඹරාගත් අබ සහ ඉඟුරු, සුදු ළූණු දාලා අමුමිරිස්, එනසාල් හා රතු ළූණු ටිකත් දාගන්න.

හොඳට විනාකිරෙන් තැම්බුනාම රාබු ටිකත් එකතු කරගන්න. තෙත ගතිය හොඳටම හිඳෙනකම් ලිපේ තියාගෙන ජීවාණුහරණය කළ බෝතල් වල අසුරගන්න.