ඉවුම් පිහුම්

බීට් පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය :-

*බීට් රූට් ගෙඩි 4 ක්
*අමුමිරිස් කරල් 4 ක්
*රතු ළූණු ගෙඩි 4 ක්
*ඉඟුරු, සුදු ළූණු පේස්ට් තේ හැඳි 1 ක්
*අඹරාගත් අබ ස්වල්පයක්
*විනාකිරි කෝප්ප 1 ක්
*එනසාල්, කරාබු නැටි කිහිපයක්
*සීනි කෝප්ප 1/2 ක්
*කහකුඩු තේ හැඳි 1/2 ක්
*මිරිස්කුඩු තේ හැඳි 1/2 ක්
*ලුණු

සාදාගන්නා ආකාරය :-

*බීට්රූට් ටික මහතට තීරු කපාගන්න. මැටි භාජනයක් ලිපේ තියලා විනාකිරි දාගන්න. විනාකිරි රත්වෙනකොට අඹරාගත් අබ, ඉඟුරු, සුදු ළූණු පේස්ට් එක, එනසාල්, කරාබු නැටි දාගන්න.

*මිරිස්කුඩු, කහකුඩු එක්ක රස අනුව ලුණු සහ සීනි ටිකත් දාලා කලවම් කරලා සීනි දියවෙනකල් හැඳි ගාන්න.

*ඊලඟට බීට්රූට්, රතු ළූණු හා අමුමිරිස් ටික දාගන්න. විනාකිරි හිඳීගෙන එනකොටම ලිපෙන් බාගන්න. නිවුනම හට්ටිය හොඳින් වහල තියල දවස් තුනකින් රස බලන්න.