ඉවුම් පිහුම්

මස් කරි තුනපහ

අවශ්‍ය ද්‍රව්‍ය:-

*කොත්තමල්ලි ඇට 100g ක්
*මාදුරු 100g ක්
*සූදුරු 100g ක්
*උළු හාල් 20g ක්
*කරදමුංගු ඇට 20 ක්
*කරාබු නැටි 20 ක්
*කුරුඳු අඟල් 4 ක කැබැල්ලක්
*අබ 20g ක්
*වියලි කහ අඟලක කැබැල්ලක්
*වියලි මිරිස් කරල් 150g ක්
*සේර අඟල් 5 ක්
*කරපිංචා ඉති 6 ක්
*හාල් මේස හැඳි 2 ක්

සාදාගන්නා ආකාරය :-

සියළුම ද්‍රව්‍ය රත් කරගත් නන්ස්ටික් තැටියක වෙන වෙනම රන්වන් දුඹුරු පැහැයක් වනතුරු බැදගන්න.

මදක් නිවෙන්නට හැර ග්‍රයින්ඩරයක දමා කුඩු කරගන්න. හොඳින් නිවුණු පසු සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරාගන්න.