ඉවුම් පිහුම්

අමු තුනපහ

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි ඇට 500g ක්
සූදුරු 160g ක්
මාදුරු තේ හැඳි 2 1/2 ක්
කරදමුංගු ඇට 8 ක්
කරාබු නැටි 15 ක්
කුරුඳු අඟල් 10 ක කැබැල්ලක්
සේර අඟල් 10 ක කැබැල්ලක්
රම්පෙ අඟල් 8 ක කැබැල්ලක්
කරපිංචා ඉති 5 ක්
හාල් තේ හැඳි 8 ක්
වියළි කහ අඟල් 1/2 කැබැල්ලක්

සාදාගන්නා ආකාරය :-

සියළුම ද්‍රව්‍ය එකට එක්කර සුවඳ හමන ප්‍රමාණයට එනතුරු පමණක් තැටියක දමා බැදගන්න.

මදක් නිවුණු පසු ග්‍රයින්ඩ් කර කුඩු කරගෙන හොඳින් නිවා බෝතල් කරගන්න.