ඉවුම් පිහුම්

රතුළූණු පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය :-

*රතුළූණු ගෙඩි 15ක් පමණ
*තෙල් මේස හැඳි 2 ක්
*ලුණු
*කහකුඩු තේ හැඳි 1 ක්
*මිරිස්කුඩු තේ හැඳි 2 ක්
*සූදුරු තේ හැඳි 1 ක්
*කුඩු තේ හැඳි 1 ක්
*විනාකිරි මේස හැඳි 2 ක්

සාදාගන්නා ආකාරය :-

තෙල් වලට කහකුඩු, මිරිස්කුඩු, අබ කුඩු, සූදුරු දාලා රස අනුව ලුණු දාලා කලවම් කරගන්න. මේකට විනාකිරි එක්ක රතුළූණු ටිකත් එකතු කරගන්න.

හොඳට කලවම් කරලා බෝතල් කරලා දවස් දෙක තුනකින් කෑමට ගන්න.