ඉවුම් පිහුම්

බැදපු තුනපහ

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි ඇට 500g ක්
සූදුරු 160g ක්
මාදුරු 15g ක්
කරදමුංගු ඇට 8 ක්
කරාබු නැටි 15 ක්
කුරුඳු අඟල් 10 ක කැබැල්ලක්
සේර අඟල් 10 ක කැබැල්ලක්
රම්පෙ අඟල් 8 ක කැබැල්ලක්
කරපිංචා ඉති 6 ක්

 

සාදාගන්නා ආකාරය :-

සියළුම ද්‍රව්‍ය රත් කරගත් නන්ස්ටික් තැටියක වෙන වෙනම රන්වන් දුඹුරු පැහැයක් වනතුරු බැදගන්න.

මදක් නිවෙන්නට හැර ග්‍රයින්ඩරයක කුඩු කරගන්න. හොඳින් නිවුණු පසු සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරාගන්න.