Latest News

දරුවන් බිහි කිරීමේ සීමා ඉවත් කෙරේ

ජනගහනය පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කළ චීනයේ මේ වන විට ජනගහනය අඩු වීමට පටන්ගෙන ඇතැයි එරට දත්ත වාර්තා පෙන්වා දෙනවා.

පසුගිය වසරේදී චීනයේ ජනගහනය වසර 60කට පසු පළමු වරට පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ජනගහනය වර්ධනය කිරීම සඳහා චීන රජය මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊට පිළියමක් ලෙස සිචුවාන් පළාතේ පවුල් සඳහා දරුවන් බිහි කිරීමේ සීමා ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාවක් බිහි කිරීමට අවසරය ලැබෙන අතර අවිවාහක යුවළ සඳහා ද දරුවන් බිහි කිරීමට අවසර හිමි වනවා.

මීට පෙර එරට අවිවාහක කාන්තාවන්ට දරුවන් ලියාපදිංචි කිරීම තහනම් කර තිබුණා.