Latest News

ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධ 5වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් නම් කෙරේ

ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ 5වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම්කර තිබෙනවා.

එම සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන සැප්තැම්බර් (06) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ එම නඩුව අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුවයි.