Latest News

පාසලේ යකඩ ඔංචිල්ලාවෙන් වැටී 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක් මරුට

මොරටුමුල්ල, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ ඥානිස්සර බෞද්ධ විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු ඊයේ (09) දහවල් කාලයේදී හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පහළ ඉදිබැද්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවෙක්.

අදාළ පාසල් සිසුවා පාසල් විවේක කාලය තුළ සිසුන් කිහිප දෙනෙකු සමග පාසලේ යකඩ ඔංචිල්ලාවක් පදිමින් සිටියදී එයින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා.

සිසුවාගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරටුමුල්ල පොලිසිය සිදු කරනවා.