Latest News

පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

ඉදිරියේ දී දවසක් හැර දවසක් හෝ පාසල් පැවැත්වීමට අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද (19) මහනුවර දී පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපිට කරන්න පුළුවන් දේවල් කරලා තියෙනවා. සෑම පාසලකටම මුදල් ලබා දීලා තියෙනවා. සැනිටයිසර් පාවිච්චි කරන ඒවට. ඒවගේම ආරක්ෂිතව ඒවා සිදුකරන්න. ඉදිරියේ දී අපි බලනවා දවසක් හැර දවසක් හරි කණ්ඩායම් දෙකකට බෙදලා දවසක් හැර දවසක් හරි පාසල් තියන්න පුළුවන් ද කියන එකත්.”